Showing posts with label සෙනාගේ පිටුව. Show all posts
Showing posts with label සෙනාගේ පිටුව. Show all posts
Wednesday, December 2, 2015
වීරා නම් ගතිමි.......
"රාමා",, මම වෙමිය……..නුඹ නොදුටු අසරණිය
කීවා උවද මෙය…………….නීතියට පටහැනිය
ආසා උනත් වනු………….රුව දිලෙන යෞව්වනිය
වූවා වෙන්න මට………..….ගිනි බිඳින යස්සනිය
"මුන්නා" හදේ පෙම……..වෙඩි හඬින් ගොලුවුනිය
"ක්රිෂ්ණා" සාප කර…….……ගතේ සලු ඉගිලුනිය
"චින්නා" මගේ පව………කර ගෙනම වැලලුනිය
"අන්නා" දෙඩු බසට……...රිදෙන ලේ ඇවිලුනිය
කාරා බිම හෙලූ..……....කෙල පිඬක් උනු කලට
හාරා නැගෙන දුක…...නොහැක කවි කරන්නට
පාරා රුදු වණය………..… විෂෙන් විෂ නසන්නට
"වීරා" නම් ගතිමි………….….අභිෂේක ලබන්නට
Subscribe to:
Posts (Atom)
